අද දිනයේ මීගමුව පිහිටි A.G. School of Management Studies හි පැවති ගනූ/ලිනක්ස් වැඩමුලුව අතරදී මා, අනුරාධ, ඩනිෂ්ක, යජිත්, රවිත්, කුංචන (සාකච්ඡාව අතරමැද නිදා ගත්තේය) ගනූ/ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සිංහළ සහාය මුසු කිරීම පිළිබඳ සාකච්ඡා කළෙමු. මම මෙතෙක් කළක් සිංහළ ලිනක්ස් පිළිබඳ අවධානයක් යොමු නොකිරීම පිළිබඳ කණගාටුචක් ඇති වූ අතර අද සිට හෝ ඒ හා සම්බන්ධ ව්‍යාපෘතියකට සම්බන්ධව කටයුතු කිරීමට අසහස් කළෙමි.
අද දින මෙම ස්ථානයේ පැවති වැඩමුලුව සඳහා සිසුන් 50 කට ආසන්න ප්‍රමාණයක් පැමිණි අතර ඔවුන් සියලු දෙනාම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පිළිබඳ දැඩි උනන්දුවක් හා කැමැත්තක් දැක්වූහ. මෙම මොහොතේ (රාත්‍රී 11.55) මම, කුංචන, යජිත්, චනුක, ඩනිෂ්ක A.G. School of Management Studies ආයතනයේ පරිඝණකාගාරයේ අවදියෙන් සිටින අතර අනුරාධ මුලින් අප හා සිටින බව කීවද හවස් යාමයේදී පැන යන ලදී. :-)
හෙට දින මෙම වැඩමුලුවේ දෙවෙනි සහ අවසන් දිනයයි. තව ස්වල්ප වේලාවකින් මා නිදා ගත යුතු වේ. දැනට නවතිමි.